Monday, November 16, 2009
2009 නොවැම්බර් මාසයේ අහස
සූර්ය නිවෘත්තිය
සූර්යයා අහස හරහා ගමන් කරන විට එය අහසේ දකුණට හෝ උතුරට ඉතා ආසන්නයෙන්ම පවතින අවස්ථාව නිවෘත්තියක් ලෙස හඳුන්වයි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉතාලියේ අහසෙහි සූර්යයාගේ උතුරු නිවෘත්ති අවස්ථාවක් විශේෂ ආකාරයකින් ඡායාරූපගත කර ඇති ආකාරයයි
නොවැම්බර් මාසය අහස නිරීක්ෂනය කරන්නන්ට ඉතා වැදගත් මාසයකි. ඊට හේතුව වන්නේ වසර පුරා ඇතිවන උල්කාපාත වර්ෂා සෑම එකකටම වඩා අති දැවැන්තම උල්කාපාත වර්ශාව ඇතිවන්නේ මේ මාසයේ වීමයි.
සූර්යයාගේ දැකිය හැකි ලප ප්රකමාණයේ ඉහල යාමක් දැකිය හැකිය. පසුගිය මාසයේදීද විශාල සූර්ය ලප කිහිපයක් දැකගත හැකි විය. මේ අනුව ඉදිරි කාලය ඇතුලත සූර්ය ලප ප්රයමාණයේ ඉහල යාමක් අපේක්ෂා කල හැක. සූර්ය ලප නිරීක්ෂණය සඳහා සුදුසු ආරක්ෂාකාරී ක්ර ම පමණක් අනුගමනය කරන්න. ඔබ භාවිතා කරන ක්රකමය ආරක්ෂාකාරී නොවේ යයි සිතේ නම් සූර්ය නිරීක්ෂණයෙන් වැළකී සිටින්න.
සිකුරු ග්ර හයා සූර්යයාට පෙර උදා වී සූර්යයාට පෙර බැස යයි. මාසයේ මුල කාලය තුල සිකුරු නිරීක්ෂණය කිරීමට සුලු හෝ අවස්ථාවක් ලැබෙතත් මාසයේ අවසානය වන විට සිකුරු සූර්යයාට ඉතා ආසන්න වන නිසා සිකුරු නිරීක්ෂනය වඩාත් අපහසු වේ. සිකුරුගේ දීප්තතාවය -3ක් පමණ වේ.
අඟහරු ග්රනහයා කටක (Cancer) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වන අතර දීප්තතාවය 0.5ක් පමණ වේ. අඟහරු රාත්රී( 11ට පමණ නැගෙනහිර ක්ෂිතිජයට ඉතා ආසන්නයෙන් දැකගත හැකි ය.
සෙනසුරු ග්රරහයා කන්යී (Virgo) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ. පාන්දර 1-2ත් අතර කාලවලදී උදා වන අතර පාන්දර 5.30ට පමණ සූර්යයා උදා වීම ආරම්භ වනවාත් සමඟම නොපෙනී යයි.
බ්ර හස්පති සූර්යයා බැස යාමෙන් පසුව මකර රාශිය තුල දැකගත හැකිය. එහි දීප්තතාවය -1ත් -2ත් අතර වේ. ප.ව. 8-9 පමණ වනතෙක් බ්රසහස්පති ග්ර්හයා බටහිර ක්ෂිතිජය ආසන්නයේ දැකගත හැකිය.
මේ මාසයේ 17 සහ 18 ආසන්න දින වලදී සිංහ (Leo) රාශිය පදනම් කරනිමින් ලියොනීඩ් උල්කාපාත වර්ශාව දර්ශණය වේ. මෙහි උච්චතම අවස්ථාවන් නොවැම්බර් 17-18 දිනයන් වේ. සිංහ රාශිය මධ්ය්ම රාත්රි යට පමණ උදාවී සූර්යයා උදා වන තෙක්ම දර්ශණය වේ. එම දින වලදී චන්ද්රනයා අහසේ දක්නට නොලැබෙන නිසා උල්කාපාත වර්ශාව නිරීක්ෂනය කිරීමට ඇතිවිය හැකි බාධා ඉතා අවම ය. කෙසේ වෙතත් මේ දිනවල පවතින කාලගුණ තත්වය අනුව අහසේ වළාකුළු ප්රකමාණය සහ අහසේ පැහැදිලි භාවය වෙනස් විය හැකි ය
ටෙම්පල් ටටල් ධූමකේතුව නිසා ඇතිවන ලියොනිඩ් උල්කාපාත වර්ශාව තුලදී පැයකට උල්කා 100ක් පමණ නිරීක්ෂනය කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. space.com වෙබ් අඩවිය පවසන්නේ මෙවර උල්කාපාත වර්ශාව තුලදී පැයකට 500ක් පමණ උල්කා දැකීමට හැකි වන බවයි. ලියොනීඩ් උල්කා වර්ශාව විසින් අතීතයේදී පැයකට උල්කා 1000ක් පමණ දර්ශනය වූ අවස්ථාද ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment